ආදරණීය යෞවනය ♥
මෙමගින් අන්තර්ජාලයෙන්

ශ්‍රී ලාංකීය දේශපාලනය


අද අපේ රටේ දේශපාලනය ගැන කතා කරනවනම් මුලින්ම කාට වුනත් දැනෙන කාලකණ්ණි හැඟීම මටත් දැනෙනව. අද අපේ රටේ දේශපාලනය වෙලා තියෙන්නෙ තමුන්ගෙ බඩ වඩා ගැනීමක්ම විතරයි.
දූෂණය,මැරකම,වංචාව... අනේ මන්ද මුන්ද ඡන්දෙ දුන්න අපිට මුලින්ම ගහන්න ඕනි.අධ්‍යාපනය ගැන දැනුමක් නැති අය අධ්‍යාපන ඇමතිලා වෙනකොට , සෞඛ්‍ය ගැන දැනුමක් නැති අය සෞඛ්‍ය ඇමතිලා වෙන කාලයක් මේක(අනිත් ඇමතිකනුත් ඔහොම තමයි). අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයිලුනේ.

හැබැයි මම මෙහෙම කියද්දි කේන්ති යන Set එකකුත් ඇති මාත් එක්ක. ඒත් මක්කොරන්නද? මේකට තමයි අපේ රටේ දේශපාලනය කියන්නෙ.(මම මේ කියන්නෙ ඩී.ඇස් සේනානායක මැතිතුමන්ලගෙ කාලෙ ගැන නම් නෙමෙයි හොඳේ).මොනව උනත් වැඩි කල් යන්න කලින් මේගොල්ලො අපේ රටත් විකුණල තමයි නතර වෙන්නෙ.(එයින් නැවතුනොත් මදැයි).

දැන් මේක කියවන අයට ප්‍රශ්නයක් ඇති මූ Sure එකටම UNP නැත්තම් වෙනමොකක් හරි එකක dial තමයි කියලා. ඇත්තටම මට දේශපාලන පක්ෂයක් නැහැ. තියෙන්නෙ කලකිරීමක්. මොකද මුන් ඔක්කොම එකයි. අන්තිමට අහිංසක මිනිස්සුන්ගෙ පිහිටෙන් ඡන්දෙත් දිනලා , ඒ අහිංසක මිනිස්සුන්ටම කොකා පෙන්නද්දි කියන්න වෙන්නෙ "ඕක අපේ කරුමෙ තමයි බන් මක්කොරන්නද?" කියල තමයි.

ඇත්තටම පොඩ්ඩක් හිතල බලන්න මම කියන්නෙ බොරුද කියලා. මේක තමයි ඇත්ත. මේක තමයි අපේ දේශපාලනය කියන්නෙ. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය.

කාගෙ හරි හිත රිදුනනම් Sorry වෙන්න ඕනි.


0 ප්‍රතිචාර:

Post a Comment

 

කතු වැකිය ....

ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා

Chat එකට Set වෙන්න

සිතුවිල්ල

බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ