අවංක වෙන්න පලමුව තමන්ගෙ හෘද සාක්ෂියට
කරන්න හිතට හරි කියල දැනෙන හරි දේ
නවත්වන්න අනුන්ට සාපේක්ෂව තම්න්ව මනින එක
තමන්ව මනින්න තමන් විදිහට විතරක්ම
හිතින් අයින් කරන්න ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය
හිතන්න කේන්ති අරගෙන ඇයි අපි දඬුවම් විදින්නෙ අන් අයගේ වැරදි වලට
මතක් කරන්න අතීතයේ සොදුරු තැන්
ඈවිදින්න ඒ සොදුරු මතක වල
ඉගෙන ගන්න පාඩම් අතීතයේ වැරදුනු තැන් වලින්
හිතට ගන්න ආයෙමත් නොකරන්න ඒ වරද්ද
විදවන්න එපා ඒ වැරදි ගැන හිත හිත යලි යලි
බලන්න ප්‍රශ්න දිහා සැහැල්ලුවෙන්
තේරුම් ගන්න ඒවයේ ස්වභාවය
විසදුම් යේදිය යුතුමය ඒවට හොයන්න විසදුම්
සමහර ඒවට විසදුම් හොයන්න පුලුවන් කාලයට විතරමයි
ඉඩදෙන්න කාලයට ඒවට විසදුම් සොයන්න
ඒවයේ බර දැනෙන්න දෙන්න එපා හිතට
3 ප්‍රතිචාර:
"අවංක වෙන්න පලමුව තමන්ගෙ හෘද සාක්ෂියට " මනුස්සයෙක්ට සතුටින් ජීවත් වෙන්න වටිනම දේ මේක තමා.
"හිතට ගන්න ආයෙමත් නොකරන්න ඒ වරද්ද" ජීවිතේ එක පාරක් වැරදුනු තැන ආයිමත් හදන්න බැහැ ඒත් ආයිමත් ඒ වැරැද්ද කරෝත් තමන්ගෙන්වත් සමාවක් ලැබෙන එකක් නැහැ.
වටිනාවා මේ අදහස් හුඟාක් :)
මම ගොඩක්ම විශ්වාස කරන දෙයක් තමයි මේක
" සමහර ඒවට විසදුම් හොයන්න පුලුවන් කාලයට විතරමයි ,
ඉඩදෙන්න කාලයට ඒවට විසදුම් සොයන්න" ...
හම් සමහර දේවල් වලට විතරයි :) ඒත් අපිව කාලයට පාලනය කරන්න දෙන්නම් හොඳ නැහැ. විසදුමක් නැතිව අතරමං වුනු වෙලාවටනම් කාලයට පාලනය කරන්න දීලා බලා ඉන්න එක තමා හොඳම වැඩේ :)
Post a Comment