
ජීවිතේ ඔහොම ටික ටික ගෙවිල යද්දි අන්තිම තරඟෙට වෙනකම් ආපු මම සුපිරි තරුවක් ලෙස කිරුළ පැළඳුවා.මට,තාත්තට අම්මට,නංගිට දැනුන සතුට මේ යැයි කියන්න බැහැ. පාරක තොටක වෙනදා නිදහසේ ගිය මට ර්‍ර්ට පස්සේ එහෙම යන්න බැරි උනා. Bus එකේ ගියොත් දාහක් දෙනා මාව බලනවා. ඉතින් මේක මගේ තත්වෙට හොඳ මදි. ඒ නිසා මට වාහනයක් ඕන උනා. ඒ කාලේ හොඳට ප්‍රසංග තිබුනා.මං තව සේනාවකුත් එක්ක මැද පෙරදිග සංචාරයකුත් ගියා. කාර් 1ක් ගන්න තරම් සල්ලි තිබුනේ නෑ. ඒ නිසා ලීස් කරලා වාහනයකුත් ගත්තා. මාසෙට බර ගානක් ගෙවන්න ඕනෙ. මුල් කාලයේ නම් අවුලක් උනේ නෑ. එක දිගට සංදර්ශන 5ක් 6ක් ලෑබුණා. සංදර්ශන වලට ගියහම ලැබෙන ප්‍රතිචාර නිසා මගෙත් ටිකක් ඔලුව ඉදිමුණා. අනුන්ගේ කියලා මෙහෙම ප්‍රසිද්ධ වෙනවා නම් මගේම සිංදු කිව්වොත් කොහොම හිටීවීද. මට එහෙම හිතුණා.
මං මගේම ගීත album 1ක් කලා. නමුත් විකිණුනේ නැහැ. සිංදු ජනප්‍රිය උනෙත් නෑ. ඔහොම යද්දී අවුරුදු 2ක් ගියා. හැම අවුරුද්දකම තරු තරඟ හරහා සුපිරි තරු බිහි වුනා. අපි අවලංගු කාසි උනා. වාහනේ ලීස් 1ක ගෙවන්න බැරි වුනා. ඉඩ කඩම් උකස් කළා. හැමදේම වැරදි පැත්තට හැරුනා. තාමත් මිනිස්සු මාව දැක්කම නම කියලා කතා කරනවා. පුදුමෙන් මං දිහා බලනවා. ඒකෙන් ආඩම්බර වෙන්න පුලුවන්ද බැරිද කියලා මං දන්නෙ නෑ.ඒත් මට දැන් තේරෙන්නේ එක දෙයයි. අපිට පුලුවන් කාලේ ලෝකෙම අපිව විකුණගෙන කෑවා. අපිට අපිව විකුණ ගන්න උවමනාව එන වෙලාවට අපේ market 1ක නෑ. ඇත්ත කතාව ඒකයි. අදටත් මට හිතෙනවා ගමට වෙලා අනිත් කොල්ලො වගේ පුංචි රස්සාවක් හොයාගෙන සැහැල්ලු ජීවිතයක් ගෙවන්න තිබ්බා නම් හොඳයි කීයලා. ඒත් මට ආයෙත් හැරෙන්න බෑ. දැන් මට හිතෙන්නේ මෙච්චරයි. හැම තරුවක්ම ඇවිලෙනවා. ගිනි ගන්නවා. ඒවා පාට පාටින් දිලිසෙනවා කියලා පොළවෙ ඉන්න අය විශ්වාස කරනවා.
- සමන් එදිරිමුනි
2 ප්‍රතිචාර:
:O ඒත් හැම දෙයක්ම මීට වඩා වගකීමකින්, නියමත විදියට පාලනයක් ඇතුව කටයුතු කළානම් මෙහෙම දෙයක් වෙන්නේ නැති වෙන්න තිබුණා.
ඔව් බොහෝ විට , හැබැයි එහෙම හිතනකොටත් අපි ගොඩක් ප්‍රමාදයි. :) :)
Post a Comment