ආදරණීය යෞවනය ♥
මෙමගින් අන්තර්ජාලයෙන්

මාගේ සිතින් ඔබ සමුඅරන්....

වැහි අඳිරියත් එක්ක බස් හේල්ට් එකට ගොඩවුනු මම බස් එකක් එනකම් ඔහේ බලාගෙන හිටියා. බිංදු බිංදු වැහිපොද බස් හෝල්ට් එකේ ටකරන් වහලෙට වැටෙන්න ගත්තා. පොද වැස්ස මහ වැස්සක් වෙන්න වැඩිවෙලා ගියේ නැහැ. වටපිටාව නොපෙනෙන තරමට වැභි ඇඳිරිය ගලනවා. ඒ වැහි අඳුර මැද්දෙන් හෝල්ට් එක දිහාවට දුවගෙන එන කොල්ලෙකුයි කෙල්ලෙකුයි මම ඈත තියාම දැක්කා. මම ඒ දෙන්නා දිහා බලාගෙනම හිටියා.

ලස්සන ගෑනු ළමයකුගේ අතින් අල්ලගෙන දුවගෙන එන්නේ වෙන කවුරුත් නෙමේ. ඒ ඔහු. ඔව් එයාම තමයි. මගේ හිත ගැස්සිලා ගියා. මට මහා දුකක් දැනුනේ නෑ කියන්න බැහැ. ඒත් මුල් කාලය තරම් නැහැ. අරුණෝද් මාව දැක්කේ බස් හෝල්ට් එකටත් ආවට පස්සෙ. එයාගේ ඇස් දෙක ගැස්සිලා යනවා මම දැක්කා. මම යාන්තමට හිනා වුනා. ඒත් එයා හිනාවුනේ නැතුව කරබා ගත්තා. මට විශ්වාසයි මගේ හිනාවේ තිබුන වේදනාව එයා දකින්න ඇති.අඳුන ගන්න ඇති. එයත් එක්ක හිටපු ගෑනු ළමයා බෑග් එකෙන් ලේන්සුවක් අරන් අරුණෝද්ගේ වතුර බේරෙන කොණ්ඩේ පිහදාන්න ගත්තා. ඒ දෙස බලා සිටින්නට තරම් මගේ සිත එඩිතර නැත. මම ඉවත බලා ගත්තා. ආයෙත් එදෙස නොබලන්නට මම මටම පොරොන්දු උනා. ඒ අතරේ ඒ අතීත මතක සටහන් මාව හොයාගෙන ආවා. පාසැල් කාලයේදී ආදරයක් ලඟා කරගන්න උත්සහ නොකරපු මම විශ්ව විද්‍යාලයට ඇතුලු උනාට පස්සෙ මාව හොයාගෙන ආ ඒ ආදරයට, පළමු ආදරයට ඉඩ දුන්නා. ඒ අරුණෝද්.

අපි එකට ආව ගියා,කෑවා බිව්වා,කාලය ගත කලා. එයා වචනෙන් මට ආදරෙයි කිව්වේ නැතිවුනාට එයාගේ ආදරේ මට දැනුනා. විශ්ව විද්‍යාලය අපිව පිළිගත්තේ ආදරවන්තයො විදිහට. ඒ මම සතුටෙන්ම ගත කරපු කාල පරාසය. මම එක පිට එක බලාපොරොත්තු පොදි ගැහුවා. ඒ බලාපොරොත්තුව හරිම අහිංසකයි. ඒවා මාව ජීවත් කෙරෙව්වා.

මතකයන් මාගේ දෑසට කඳුලු එකතු කරනු දැනුනද මම ඒවා පිස නොදමා ඔහේ ගලා යාමට ඉඩ දුන්නා. මට මාවම නැතිවෙන්න හුඟක් කාලයක් ගියේ නැහැ. ජීවිතය හරිම පූදුමාකාරයි. මට හිමිවුන ඔහුගේ ළෙංගතුකම අහිමි වෙන්න ගියේ අවුරුද්දක කාලයක් විතරයි. ඒ Campus එකට නවකයන් එන අවුරුද්ද. ඒ නවකයන් අතර හිටපු එක ගෑණු ළමයෙක් මගේ අරුණෝද්ව එයාගේ අරුණෝද් කරගෙන තිබුනා. ඒත් මම ඒක විශ්වාස නොකල නිසා ඒ ගෑණු ළමය කවුද කියල හෙව්වෙ බැලුවෙ නැහැ. පස්සෙ බැරිම තැන දවසක් මේ ගැන අරුණෝද්ගෙන් ඇහුවා. එයා සැහැල්ලුවෙන් හිනාවෙලා " ඔව්... මම ඔයාට කියන්න හිටියේ.... ඒ කෙල්ල මාර ගති, මාර අමාරුවෙන් යාලු කරගත්තෙ, මම එයාව ඔයාට meet කරන්නම්කො සෙනූ ... " දෑසට උනපු කඳුලු සට සට ගාලා හැලෙද්දී මම එයාගේ කතාව අහගෙන හිටියා. එයා ඒක කියලා ඉවර වෙලා මං දිහා බැලුවා. " එතකොට ම...ම.." මම ඒ වචන ටික ඇහුවේ බිම බලාගෙන, ඇහෙන නෑහෙන ගානට. එයා හරිම කැත විදිහට මට හිනා වෙලා කිව්වා, " මම ඔයාට කවදා හරි කියලා තියෙනවද, ආදරෙයි කියලා... ම්... එහෙම කියලා තියෙනවද? කියනවා... මම එහෙම හැසිරිලා තියෙනවද....? " සැබැවින්ම මම ගොලු උනා. එයා යන්න ගියා. මම ඇත්තටම තනි වුනා. Campus එක පුරාම මේ ආරංචිය පැතිරිලා ගියා. ර්‍ර්ට පස්සේ මම ඔවුන්ගේ විහිලුවලට නිරන්තරයෙන් ලක්වුනා. පස්සෙ මම බොහොම වෙහෙස මහන්සියෙන් ලබාගත්තු විශ්ව විද්‍යාලය වරප්‍රසාදය අතහැර දැම්මා. ගෙදර අයගේ දහසකුත් ප්‍රශ්න කිරීම් මැද මම රකියාවක් සොයාගත්තා. ඉන්පසු කිසිම දිනක ඔහු මට හමුවුනේ නැහැ.. නමුත් අද......

මම නැවතත් හිස හරවා ඔවුන් දෙස බැලුවා. අරුණෝද් අනුකම්පා සහිත දෙනතින් බලා සිට මම බලනවාත් සමග බිම බලාගත්තා. සත්තකින්ම ඒ වෙලාවේ මට මහා අසරණකමක් දැනෙමින් තිබුනා. බස් ඇති තරම් යන්න ඇති. නමුත් මට එය සිහිඋනේ නැහැ. කඳුලු පිසදා ගත් මම සිහිනෙන් මෙන් මහ වැස්සට පියනැගුවා. මම halt එකෙන් එළියට යනවාත් සමග " ඒයි අරුණෝද් අර බලන්න... අර girlට පිස්සුද මන්දා.... මෙච්චර වැස්සේ කුඩයක්වත් නැතුව යන්නෙ....." යැයි සිනහවෙමින් ඔහුගේ පෙම්වතිය කියනු මට ඇසිණි. අරුණෝද් ර්‍ර්ට කිසිවක් කියන්නේදැයි ඇසීමට මට උවමනා නොවුනි. මම ඔහේ ඇවිද ගියෙමි.


උපන් උපන් හැම ආත්මයකම
ඔබම හිමිවන ලෙසට
කෙසේ නම් පුරම්ද
පාරමිතා මම
ඔබේ හිත ගත්තේ ඇය නම්.....

සත්‍ය කතාවකි. නම් ගම් මඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.

0 ප්‍රතිචාර:

Post a Comment

 

කතු වැකිය ....

ඉතින් කොහොමද?ඔන්න කට්ටියටම මුලින්ම ආයුබෝවන් කිව්වා.ගොඩක් කල් බලන් ඉඳල තමයි වැඞේ පටන් ගත්තෙ. කොහොම කොහොම හරි දැන් වැඬේ කෙරී ගෙන යනව.Siteඑකට අවිල්ල බලලා වැඩේ හොඳනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා

Chat එකට Set වෙන්න

සිතුවිල්ල

බුද්ධියේ සැත ගෙන අතීත මතක පෙකිණි වැල කැපූදා..... පිළිසිඳුනි යලි නුඹ