නංගි ඔයා දන්නවද ඈත හන්තාන මතට තාම හවසට රත්තරන් පාට ඉර එළිය ලස්සනට වැටෙනව. ඒ දිහා බලාගෙන අපි පුංචි කාලේ අම්මගේ අතින් ලොකු ලොකු බත් කටවල් කැවා. ගහ කොළ වලින් වැහිල වටේම කදු වලින් හැංගිච්ච අපේ ගමට ලෝකෙටම කලින් කළුවර
වැටෙන්නේ ඇයි කියලා ඔයා අම්මගෙන් ඇහුවා. ඒ විතරක් නෙමෙයි උදේටත් අන්තිමට ඉර උදා උනේ අපේ ගමට. කදු උස නිසා කදු වලට කලින් ඉර පේනවා. හවස අන්තිම තත්පරේ වෙනකම් ඉර එළිය කදු මුදුනෙම රැදෙනවා. අම්මා එහෙම කියල දුන්නේ ජිවිතේ නංගි. උඹටයි මටයි ඒ කාලේ ඔව්වා තෙරෙන්නේ නෑ. මං බලන් හිටියේ අම්මා මට වඩිය කටක් උඹටයි කවයිද කියලා. ඒ පෙරේතකම දැන් මං ලග නෑ. මං හම්බ කරන හැම සතේම එකතු කරන්නේ උඹේ නමට.
තාත්තා මළ දා ඉදලා අම්මා හීල්ලුවේ මං නිසා නෙමේ උඹ නිසා. ඒ දුක මටත් නොඅඩුව දැනුණ නිස තමයි මං පුලුවන් තරම් ඉක්මනට කොළඹ ආවේ. දැනටත් හන්තාන මට මතකයි. මාස තුනකින් ගමේ නාවට, අවුරුදු ගාණකින් එක දිගට දවස් දෙකක් හිත පිරෙන්න ගමේ හුළග හුස්ම නොගත්තට මට තම ගම මතකයි. මතක තියා ගනින් ලොකේ හරි නපුරුයි නංගි. මෙහෙ ඉදලා අලුත්ම කපට් පාරක් ඔය පැත්තට හැදෙද්දි මත් හුගක් සතුටු උනා. පැය දෙකට සුරුස් ගාල ගමේ එන්න පුලුවන් කියලා. ඒත් මට අද තේරෙනවා, අපට ගමට එන්න පරක්කු වෙන්නේ පාරේ අවුලක් නිස නෙමෙයි , මේක මේ ජිවිතේ අවුල්. උඹට මෙහෙම ලියුමක් ලියන්න පටන් ගත්තේ ඇයි කියල විතරයි මට මතක. මොනවා ලියනවද කියලා මතකයක් නැහැ. අම්මා කියනවා ළගකදි ඉදලා උඹ අමුතුලු. පාටට හැඩට ඉන්නවලු. සුවදත් අමුතුලු. පොත් පාඩම් කරනවා කියලා හොරාට හොරාට හිනා වෙනවලු. ඇත්තටම උඹට මොකද වෙල තියෙන්නෙ. තව මාස කිපයයි විභාගෙට. මං මේතරම් මහන්සි උනේ උඹ නිසා. උඹ වෙනුවෙන්. ඔව් මං කුල කියවනවා තමයි. මේ දිය කරන්නේ මගේ තරුණ ජිවිතේ. මට ඒකට වන්දි ඕනේ නංගි. උඹ කවද හරි දොස්තර කෙනෙක් වෙලා මගේ මේ අත්වල කර ගැට සදහටම නැති කරගන්න බෙහෙතක් ලියලා දියං. ඒක තමයි මගේ වන්දිය.
තරු වගේ දිලිසෙන ඔය ඇස්වලට ගමේ ගොඩේ කොල්ලෝ පිස්සු වටිලා කියල මට කියන්න ඕනි නැහැ.

ඉවසලා ඉදපන්. දුකම දුක ඉඩෝරයක් නිමාවෙන කොට වසන්තයක් එනවා තමයි. ඒක ඇත්ත. ඒ වසන්තය
කොච්චර හැඩද කියනවා නම් උඹට දෙනෙත් අදහා ගන්න බැරිවේවි. වසන්තයට ඔන්න මෙන්න කියලා එන
මේ නිවාඩු හුලගට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න එපා. තව කල් තියෙනවා. දැනට ඉගෙන ගනින්.
මං මගේ දුවෙකුට කියනවා වගේ මේ කියන්නේ. උඹ නිසා දුක් විද විද මැරෙන්න මට පුලුවන්. ඒත් උඹ

නිසා මට මිනී මරාගන්න බෑ. මොකද මං අම්මවත් බලන්න ඕන... එච්චරයි.
- සමන් එදිරිමුනි
2 ප්රතිචාර:
අනේ මචං මට කියන්න වචන නෑ...........
සිරාම සිරා...........
බොහෝම ස්තූතියි සහෝ .. :) :)
Post a Comment